නමෝ බුද්ධාය
2025-2026 ගෞතම සම්බුදු සිරිපා වන්දනා වාරය ආරම්භ කිරීම
2025-2026 ශ්‍රීපා වන්දනා වාරය 2025 උඳුවප්පුර පසළොස්වක දා ආරම්භ වී 2026 මැයි මස 30 වෙනදා අවසන් වේ.
මෙවර දෙසැම්බර් මස 02 වනදා ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරයේ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේදී දේවප්රතිමා දැක බැඳපුදා ගැනීමට විවෘත වෙයි.
එදින හවස 5.00 සිට වන්දනාව සඳහා ආරම්භ වී පසුදා අලුයම 4.00 ට පමණ අවසන් කෙරේ.
දෙසැම්බර් මස 03 වන දින උදෑසන 05ට පමණ පෙරහර ඇරඹීම සිදුවේ.
සිරි සමනල අඩවියම ආවරණය වන පරිදි පෙරහැර මාර්ග හතරකින් ගමන් කෙරේ.
2025 දෙසැම්බර් මස අලුයම 5.00 පමණ පැල්මඩුල්ලේ කුට්ටා පිටිය ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ සිට ශ්‍රීපා මඩුව කරා වැඩමවීම ආරම්භ වේ.
ගමන් මාර්ග
හැටන් පාර පෙරහැර
කුරුවිට, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඕවිට, කරවනැල්ල, යටියන්තොට, අඹගමුව හැටන් මස් කෙලිය හරහා නල්ලතන්නෙ ආදී නගරගම් ඔස්සේ කාරුණා කරයි.
ගල්පොත්තාවලින් ඇරඹෙන කුරුවිට රන්ත පෙරහැර හා පලාබත්ගල රජ මාවත පෙරහැර දෙක පැල්මඩුර නගරය, රිල්හේන, ගනේගම, මිදීගහමුල්ල, පාතකඩ ගෝකොඩ අරඹ සන්නස්ගම දිට්ටිගල, ලෙල්ලොපිටිය, වැලිමඩුව, පතුල් පාන, පැල්වාඩිය, කැටන්දොළ, තිරිවානකැටිය, බටුගෙදර, වරකාතොට, කුඩුගල්වත්ත, මහ නගර සභාව, ඔරලෝසු කනුව, පුළුගුපිටිය, බණ්ඩාරනායක මාවත, මොරගහ යට, ගල්කඩුව ඔස්සේ සබරගම මහා සමන් දේවාලයට ගොස්,
කුරුවිට එරන්ද පෙරහැර
සමන් දේවාලයේ සිට කහංගම, ගොරක ඇල හරහා කුරුවිට නගරයට පිවිස එරන්ත අඩවිකන්ද හරහා නගරගම් ඔස්සේ කරුණාකරයි.
පලාබත්ගල රජමාවත පෙරහැර
සමන් දේවාලයේ සිට ආපසු මොරගහට, ගල්කඩුව, දුලියෙන් ගස් ළඟ වෙරළුපෙ හන්දිය, නව නගරය අනදමෙත් නාහිමි විහාරය අසලින් හන්දිය දක්වා ගොස් සීවලී විද්‍යාලය පසුකර කාර්මික විදුහල, පාම්ගාඩ්න් හන්දිය නැවත නවනගර මාවත ඔස්සේ මොරගහ යට මංසන්ධියෙන් බස් නැවතුම්පොළ පාරෙන් කුඩුගල් වත්තට පිවිසී පලාබත්ගල මාවත ගොඩිගමුව හරහා මහාවලවත්ත මල්වල පාර ඔස්සේ පලාබත් කළ රජමහා විහාරය දක්වා ගනගරකම් ඔස්සේ කරුණාකරයි.
බලංගොඩ පාර පෙරහැර
ගල්පොත්තාවෙල සිට පැල්මඩුල්ල, නගරය බත්කම්ගොඩ, මීගහගොඩ, කාමරංගා පිටිය රඹුක්ක මොරතොට හුණුවල, දෙල්ගස් ළඟ, ඕපනායක, උඩවෙල, ඇල්ලේපොළ, බලංගොඩ, තුඹ ගොඩ, ඕලුගන්තොට, ඇල්ලරාව හන්දියෙන් පින්නවල හරහා භගවන්තලාව පාරෙන් මස් කෙලිය හරහා නල්ලතන්නිය දක්වා නගරගම් ඔස්සේ කරුණාකරයි.